e-wis රටත් සමඟ පෙරටම

e-wis රටත් සමඟ පෙරටම

November 13th, 2021 by ew@admin


දේශීය ව්‍යවසායකයින්ගේ අගය කොරෝනා පසු අවධියේදී දැඩි ලෙස දැනෙන්නට පටන් අරගෙන තියෙනවා. ඊට හේතුව ශ්‍රී ලංකාවේ ඇතුළත ඇති ආර්ථික අවපාතනය නිසා භාණ්ඩ ආනයනය කිරීමේ නොහැකියාව. එහිදී අපේම රටේ නිෂ්පාදන වලට සුවිශේෂී තැනක් ලැබෙනව. මේ එවැනි දෙයක්… 1986 ඇරඹී35 වසරක් තිස්සේ මෙරට මෘදුකාංග නිෂ්පාදනයේ කීර්තිනාමයක් අත්කරගනෙ සිටි ඔවුන් අද ලබා ඇති ජයග්‍රහණය සුළුපටු නැත…

“e-wis” (ඊ – විස්) ආයතනය කියන්නේ 2013 වර්ෂයේදී මෙරටදී පරිගණක එකලස් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළ එකම ශ්‍රී ලංකික ආයතනය.. විශේෂයෙන්ම පරිගණක එකලස් කිරීම සහ නිපදවීම ඇතුළු තවත් බොහේ දේවල් මේ වනවිට “e-wis” (ඊ – විස්) ආයතනය මඟින් සිදුකෙරෙනවා. විශේෂයෙන්ම පරිගණක නිෂ්පාදනය කිරීමෙහිලා “e-wis” ආයතනය ඉතා හොඳ කීර්තිනාමයක් මේ වනවිට ලෝකයේ ප්‍රසිද්ධ පරිගණක සහ තාක්ෂණය ආයතන අතරින් දිනාගෙන තිබෙනවා. එයට විශේෂම හේතුවක් විදිහට “e-wis” කර්මාන්තශාලාව තුළ නිපදවෙන පරිගණක සහ අනෙකුත් උපාංග වල ඇති ඉහළ ගුණාත්මකබව දැක්විය හැකිය. එම නිසාම තත්ත්ව සහතික ගණනාවක්ම “e-wis” ආයතනය සතු වෙනවා.

වර්තමානය වනවිට ලංකාවේ බහුතරයක් රාජ්‍ය ආයතන, පාසල් , විශ්වවිද්‍යාල සහ බැංකු වල e-wis පරිගණක භාවිතා කරන අතර පෞද්ගලික ආයතන සහ බැංකු රැසකත් මේ වනවිට e-wis පරිගණක භාවිතා වෙනවා. ඉතිං මෙම e-wis පරිගණක ලාංකීය සාමාන්‍ය පාරිභෝගික ජනතාවටත් ඉතාමත් පහසුවෙන් ලබාගැනීමට හැකිවන ආකාරයේ වැඩපිළිවලක් මේ වනවිට e-wis ආයතනය ආරම්භ කර තිබෙනවා. එමෙන්ම ලොව සුපතල Intel සමාගම තම තාක්ෂණීක සහකරුවා ලෙසත් Microsoft සමාගම තම මෘදුකාංග සහකරුවා ලෙසත් ඉහළ ප්‍රමිතියකින් යුතුව නිෂ්පාදන ක්‍රියාවලියේදී දායක කරගෙන ඇත. එමෙන්ම ඔවුන්ගේ නිෂ්පාදන සියල්ල එකම වහලක් යටින් මිලට ගැනීම සඳහා https://buyewis.lk වෙබ් අඩවිය හරහා ඇණවුම් කර නිවෙසටම ගෙන්වාගැනීමේ පහසුකම ලබා දී තිබෙනවා.

එලෙසින්ම ඔවුන්ගේ R&D ප්‍රමිතීන් පිළිබ‍ඳ සොයා බැලීම සඳහා මොරටුව විශ්ව විද්‍යාලය කටයුතු කරනවා.

ශ්‍රී ලාංකික අනන්‍යතාව රැකගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ඊ විස් පරිගණක නිෂ්පාදන නිපදවන හම්බන්තොට සූරියවැව කර්මාන්ත ශාලා පරිශ්‍ර ය අක්කර 02 භූමි ප්‍රමාණයක්. වර්ග අඩි 25,000 ක වැඩි නිෂ්පාදනාගාරයදී නිපදවෙන අතර එම නිෂ්පාදන සිදු කෙරෙන සේවක පිරිස හම්බන්තොට සූරියවැව ප්‍රදේශයන්හි පදිංචි තරුණ තරුණියන් වීමද විශේෂත්වයකි

මෙම ඊ-විස් සමාගමේ සමූහ සභාපතිවරයා හා ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ මෙරට පරිගණක ක්ෂේත්‍රය තුළ දශක තුනකට ආසන්න කාලයක අත්දැකීම් හා පළපුරුද්ද හිමිකර ගත් ප්‍රකට පරිගණක විශේෂඥයෙකු වන සංජීව වික්‍රමනායක මහතාය.

අපේ රටේ ශ්‍රමය, අපේ රටේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා, දේශීය නිෂ්පාදන වලට ප්‍රමුඛතාව, ජාත්‍යන්තර මට්ටමේ ගුණාත්මකභාවය, අසමසම වගකීම, අලෙවියෙන් පසු රට පුරා විහිදුනු කාර්යක්ෂම සේවා ජාලය, පාරිභෝගිකයා කිසි ලෙසකින් අසරණ නොකිරීම යන කාරණා අතින් ඊ-විස් ඉදිරියෙන්ම සිටිනවා. අපේ රටේ මුදල් පිටරටට ගලා යා නොදී මෙරටම රඳවා ගනිමින් දේශයේ සංවර්ධනයට යෝධ දායකත්වයක් සපයන මෙම ආයතනය ලැප්ටොප් පරිගණක නිපදවීම ආරම්භ කර වසර 08ක් සම්පූර්ණ වෙනවා.

අද වන විට ශ්‍රී ලංකාවේ පමණක් නොව, විදේශයන්ගේද e-wis නාමය ජනප්‍රිය වීම සතුටට කරුණකි.

එය ආයතනික ජයග්‍රහණයක් පමණක් නොව, රටේ ජයග්‍රහණයකි.

Read More

RECENT POSTS